You are not logged in. (Login)
 
  • 2 Feb, 10:00
    IARS Moodle Administrator
    විභාග ප්‍රතිඵල දෙවන සහතික පත්‍ර පාඨමාලාව/Exam results-Second certficate more...
  • 18 Dec, 16:25
    IARS Moodle Administrator
    Entrance Examination for Second Batch more...

                                           

මාගම්පුර කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනය

කෘෂිතාක්ෂණික සහතික පත්‍ර ඩිප්ලෝමා පාඨමාලාව

ආයුබෝවන්!

මාගම්පුර කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයේ අන්තර්ජාලය ‍වෙත  ඔබව සාදරයෙන් පිළිගනිමු.ඔබගේ ඇඟිලි තුඩින් හා පරිගණක භාවිතයෙන් හරවත් ලෙස කෘෂිතාක්ෂණ දැනුම ලබාගැනීම සදහා ඔබට අවකාශය මෙමගින් සපයා ඇත.ශ්‍රී ලංකාවෙහි මුල් වතාවට කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන්ට සහතික පත්‍ර ඩිප්ලෝමා ලබා දෙන පළමු ආයතනය කොළඹ විශ්වවිද්‍යාලයේ මාගම්පුර කෘෂිතාක්ෂණික හා ග්‍රාමීය විද්‍යා ආයතනයයි.තරුණ ගොවි ජනතාවට දැනුම සමග කෘෂිකර්මාන්තයේ යෙදීම සදහා සහ උසස් අධ්‍යාපනය සදහා යොමුවීමට මෙමගින් අවකාශ සපයා ඇත.ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් වන බැවින් ගොවි ජනතාව රටෙහි ආර්ථිකය සදහා විශාල මෙහෙවරක් කරනු ලබයි.එම නිසා,කෘෂිකර්මාන්තය රටෙහි වැදගත් වෘත්තියක් බව අප පිළිගත යුතුය. එබැවින්, එහි නියැලී සිටින ජනතාව එම ක්ෂෙත්‍රයේ දැනුමින් සන්නද්ධ විය යුතුය.ග්‍රාමීය ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කෘෂිකර්මාන්තය වන බැවින්,අප ආයතනය මගින් ආර්ථිකය පදනම් කරගත් කෘෂිකර්මාන්තයක් සදහා දැනුම සපයා දීම මෙම පාඨමාලාව හරහා සිදු කරයි. තමන්ගේ වගාවන්හි යෙදෙන අතරතුර බාධාවකින් තොරව පාඨමාලාව හැදෑරීමේ පහසුකම මෙයින් සලසනු ලැබේ.මෙමගින් කෘෂිකර්මාන්තය සදහා රටෙහි සමාජය තුළ පිළිගැනීමක් ඇති කිරීමට ඔබට හැකිවනු ඇත.ඒ සමගම ආර්ථිකය නගා සිටුවීමට හැකිවනු ඇත.දැනුම සමග කෘෂිකර්මය ඉහළට ගෙන යාම තුලින් රටෙහි ආර්ථිකය නගා සිටුවීමට දැන් කාලය එළඹ ඇත.


පිළිගැනීමේ කථාව
Audiovideodocument


Course categories